තමන් ආණ්ඩුවක් පිහිටුවා තිබුණද, රාජ්‍ය බලය තවමත් සම්පූර්ණයෙන් තමන් සතු වී නොමැති බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ සමහර ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හෝ දිසාපතිවරුන් තමන් පවසන පරිදි කටයුතු නොකරන බැවින්, පවතින ක්‍රමය වෙනස් කිරීමට නම් තරුණ පරපුර රාජ්‍ය අභ්‍යන්තරයට පිවිසිය යුතු බවයි.
ලංකාවේ පළමු වතාවට තමන් පාලනයේ ඉහළම තැනට පැමිණ ඇති බැවින් අනෙකුත් පාර්ශ්ව කලබල වී ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, පරාජයට පත් වූ රනිල්, සජිත් සහ නාමල් ඇතුළු දේශපාලන කණ්ඩායම් තවමත් විනාශ වී නොමැති බවත්, ඔවුන්ව දේශපාලනිකව සම්පූර්ණයෙන්ම විනාශ කර දැමිය යුතු බවත් සඳහන් කළේය. ලැබී ඇති මෙම ජනතා බලය නැවත කිසිවෙකුට ලබා දීමට තමන් සූදානම් නැති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















