ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සිදු කරමින් ඩ්‍රෝන යානා (Drones) හරහා මගී සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. එකවර මගීන් 6 දෙනෙකු පමණ රැගෙන යා හැකි පරිදි මෙම සේවාව සැලසුම් කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තමින්ද රඹුක්වැල්ල මහතා තහවුරු කළේය.
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) මඟපෙන්වීම් මත ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සඳහා තායිලන්ත විශේෂඥ කණ්ඩායමක් මෙම මාසය අවසන් වීමට පෙර මෙරටට පැමිණීමට නියමිතය. රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් (PPP) යටතේ ක්‍රියාත්මක වන මෙමඟින් ළඟාවීමට අපහසු කඳුකර ප්‍රදේශ සහ ප්‍රධාන සංචාරක ගමනාන්ත වෙත වේගවත් ප්‍රවාහන පහසුකම් සැලසෙනු ඇත. මීට අදාළ තාක්ෂණික පුහුණුව හා රෙගුලාසි පැනවීම සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් සිදු කෙරේ.
















