පවත්නා සන්නද්ධ ගැටුම්, මානුෂීය ආධාර කප්පාදුව සහ ඉරාන යුද්ධය හේතුවෙන් හෝර්මූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හටගෙන ඇති ගෝලීය ප්‍රවාහන අවහිරතා හේතුවෙන් සුඩානය පෙර නොවූ විරූ ආකාරයේ දරුණු ආහාර අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව ලෝක ආහාර වැඩපිළිවෙළ (WFP) ප්‍රකාශ කරයි.
ලෝක ආහාර වැඩපිළිවෙළෙහි වැඩබලන විධායක අධ්යක්ෂ කාල් ස්කාවු (Carl Skau) මහතා පෙන්වා දෙන්නේ, සුඩානයේ ලක්ෂයකට අධික පිරිසක් මේ වන විටත් සාගින්න හේතුවෙන් මියයෑමේ බිහිසුණු අවදානමකට (Famine-like conditions) මුහුණ පා සිටින බවයි. මීට අමතරව, එරට මිලියන 5කට ආසන්න ජනතාවක් හදිසි හෝ ව්‍යසනකාරී මට්ටමේ සාගින්නකින් පීඩා විඳිති. විශේෂයෙන්ම හෝර්මූස් සමුද්‍ර සන්ධියේ පවතින නොසන්සුන්තා හේතුවෙන් සුඩානයට අත්‍යවශ්‍ය පොහොර සහ ඩීසල් ආනයනය කිරීම සීමා වී ඇති අතර, එය එරට වත්මන් වගා කන්නයට මෙන්ම කෘෂිකාර්මික කටයුතුවලට ද දැඩි බාධාවක් වී ඇත. සුඩාන සන්නද්ධ හමුදාව (SAF) සහ පැරමිලිටරි වේගවත් සහායක බලකාය (RSF) අතර සිව්වන වසරටත් ඇවිළෙන මෙම සිවිල් යුද්ධය, අරමුදල් හිඟකම සහ ගෝලීය සැපයුම් දාම බිඳවැටීම හමුවේ ලොව විශාලතම මානුෂීය අර්බුදය බවට පත්ව තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්
















