ඕනෑම රටක ආර්ථික ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර ප්‍රතිරූපය මැන බැලිය හැකි සංවේදීම දර්ශකය වන්නේ සංචාරක කර්මාන්තයයි. පසුගිය කාලයේ පැවති අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් දැඩි පසුබෑමකට ලක්ව තිබූ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය, අද වන විට ශක්තිමත් දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වයක් සමඟ යළිත් ප්‍රබල ලෙස හිස ඔසවමින් සිටී.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා විසින් මෑතකදී හෙළි කළ දත්තවලට අනුව, 2026 වසරේ ජූලි මාසය වන විට මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 1.2කට ආසන්න වී ඇත. එමගින් ඇමරිකානු ඩොලර් බිලියන 1.5කට වැඩි විදේශ විනිමය ආදායමක් උපයා ගැනීමට හැකිවීම, රටේ ආර්ථිකයට ලැබුණු විශාල ශක්තියකි.
මෙම සාර්ථකත්වය පිටුපස ඇති ප්‍රධාන කරුණු කිහිපයක් පවතී. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රට තුළ ස්ථාපිත කළ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය හේතුවෙන් සංචාරකයින්ගේ විශ්වාසය යළි ගොඩනැගී ඇත. තවද නිවැරදි කළමනාකරණය සහ විනයගරුක රාජ්‍ය පරිපාලනය හරහා සංචාරක කර්මාන්තය නව මාවතකට යොමු කිරීමට පියවර ගෙන ඇත. මෙම සාධනීය ප්‍රවණතාව මත පදනම්ව, වසර අවසානය වන විට මිලියන 2.5ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ඉලක්කය කරා ආණ්ඩුව ගමන් කරමින් සිටී.
ගැටලු සහගත අතීතයකින් මිදී, සංචාරක කර්මාන්තය හරහා රටට අවශ්‍ය ආර්ථික ඔක්සිජන් සැපයුම ලබා ගැනීමට වත්මන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මේ වන විට සාර්ථක ප්‍රතිඵල ලබා දෙමින් පවතී.
















