දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඝාතනය කර වසර 37ක් ගතවන දිනයේදී, ඔහුගේ පුත්‍රයා වන වෛද්‍ය බහීරදන් අමිර්තලිංගම් මහතා එම සංවිධානය වෙත දැඩි චෝදනා එල්ල කර තිබේ. එල්.ටී.ටී.ඊ.ය තම පියාගේ ජීවිතය පමණක් නොව, ඔවුන් නියෝජනය කරන බව පැවසූ සමස්ත දෙමළ දේශපාලන අරමුණම විනාශ කර දැමූ බව ඔහු පවසයි.
බ්‍රිතාන්‍යයේ පදිංචි වෛද්‍ය අමිර්තලිංගම් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක මේ බව සඳහන් කර ඇත. 1989 ජූලි 13 වැනිදා සිදුවූ එම ඝාතනය සිය පවුලේ ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළූ බවත්, එහි ඛේදනීය ප්‍රතිවිපාක එක් පවුලකට පමණක් සීමා නොවූ බවත් ඔහු පෙන්වා දෙයි.
















