රත්නපුර දිස්ත්‍රික්කයේ කල්තොට සහ වැලිගෙපොල ප්‍රදේශවල පවතින වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් ඉඩම් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා (14) බලංගොඩ සමනල වැව ජල විදුලි බලාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඉත්තගලයාය ඉඩම් ගැටලුව, රජයේ ඉඩම් මායිම් සහ අලිවැට සම්බන්ධ ගැටලු සාකච්ඡා කෙරිණි.
වේවැල්කඳුරුආර ඉදිකිරීමට අදාළ අවසරය සහ ලුණු මැඩිල්ල දිය ඇලි සංකීර්ණය සංචාරක ආකර්ෂණයක් ලෙස සංවර්ධනය කිරීමේදී පාරිසරික හානියක් නොවන පරිදි කටයුතු කිරීම පිළිබඳ කරුණු පැහැදිලි කෙරිණි.
වැලිමඩ අමුණ ප්‍රතිසංස්කරණය කිරීම මගින් වන අලින් ගම්වැදීම අවම කර, මිනිස් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීමට යෝජනා ඉදිරිපත් විය.
කිරිගොවි ගම්මානවල ගොවීන්ට අවශ්‍ය වන සරු තෘණ ලබාගැනීමේදී පවතින බාධක ඉවත් කර කර්මාන්තයට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට අවධානය යොමු විය.
ග්‍රාමීය කෘෂි සහ පශු සම්පත් කර්මාන්තය සුරක්ෂිත කරමින් පාරිසරික සංරක්ෂණ කලාප සංවර්ධනය සඳහා පවතින නීතිමය බාධක ඉවත් කිරීමට පියවර ගැනීමට සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.සී. පාලකුඹුර මහතා, අධ්‍යක්ෂ මෙහෙයුම් යු.එල්. තහුෆික් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සහභාගී වූහ.
















