එළඹෙන ජූලි 23 සිට අගෝස්තු 2 දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නිල වශයෙන් හඳුන්වා දීම පසුගිය 15 වනදා කොළඹදී සිදු කෙරිණි. ශ්‍රී ලංකා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංගමය විසින් මෙම කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
මෙවර ක්‍රීඩා උළෙල සඳහා මලල ක්‍රීඩා, පැරා මලල ක්‍රීඩා, බර එසවීම, බොක්සිං, ජූඩෝ, කලාත්මක ජිම්නාස්ටික් සහ පිහිනුම් යන ක්‍රීඩා 7ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකු (පිරිමි 27 සහ කාන්තා 13) ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ වැදීමට නියමිතය.













