පලස්තීන සන්නද්ධ කණ්ඩායමක් වන හමාස් (Hamas) සංවිධානයේ නව දේශපාලන කාර්යාංශ ප්‍රධානියා ලෙස කලීල් අල්-හයියා (Khalil al-Hayya) මහතා පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මීට පෙර ඊශ්‍රායල – හමාස් යුද සමයේදී හමාස් සංවිධානය නියෝජනය කරමින් ප්‍රධාන සාකච්ඡා මැදිහත්කරු ලෙස කටයුතු කළ ඒ මහතා, 2024 වසරේ ඔක්තෝබර් මාසයේදී හමාස් නායක යාහියා සින්වාර් මියයාමෙන් අනතුරුව හිස්ව පැවති මෙම තනතුර සඳහා මෙලෙස පත් කර ඇත.
















