මේ වන විට බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ. අදාළ අමාත්‍යාංශ නිලධාරීන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිටි මෙම සාකච්ඡාවේදී බන්ධනාගාර පහසුකම් පුළුල් කිරීම සහ ඒ වෙනුවෙන් ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
මෙම අවස්ථාවට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















