දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය හෙට (22) දිනයේත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුර සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැයට කිලෝමීටර 40 ත් 50 ත් දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.














