ප්‍රවීණ නාට්‍ය රචක මුදලිනායක සෝමරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ශ්‍රී ලාංකේය ගුවන් විදුලිය හා වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් ඉටුකළ ඒ මහතා, මෙරට තුළ මහත් ජනප්‍රියත්වයට පත් “මුවන්පැලැස්ස” ගුවන් විදුලි නාට්‍යයේ නිර්මාතෘවරයා ද වේ. තෙල්දෙණිය උඩිස්පත්තුව ප්‍රදේශයේ උපත ලැබූ ඔහු “දරුදුක”, “සංවත්සරය”, “ගිනිකඳු”, “මහදැනමුත්තා” සහ “කොණ්ඩකැවුම්” වැනි ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය රැසක් ද නිර්මාණය කර ඇත.














