කැනඩාවේ ටොරොන්ටෝ නුවර ‘හොස්පිට්ල් ෆෝ සික් චිල්ඩ්‍රන්’ (SickKids) රෝහලේ සේවය කළ වෛද්‍ය ඩිලාන් දිසානායක නමැත්තා ළමා ලිංගික අපයෝජන හා සූරාකෑමේ දර්ශන ළඟ තබා ගැනීම සහ අන්තර්ජාලය ඔස්සේ ඒවා ලබාගීමේ චෝදනා මත ටොරොන්ටෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ටොරොන්ටෝ පොලිසියේ අන්තර්ජාල ළමා සූරාකෑම් විමර්ශන ඒකකය මඟින් සිදු කරන ලද විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සැකකාර වෛද්‍යවරයාගේ නිවස සහ ඔහු සේවය කළ රෝහල් පරිශ්‍රය පරීක්ෂා කර විද්‍යුත් උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය දැනගත් වහාම අදාළ වෛද්‍යවරයා සේවයෙන් තහනම් කිරීමට රෝහල් පාලනාධිකාරිය සහ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය පියවර ගෙන තිබේ.














