ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කිරීමත් සමඟ, හිටපු ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු විසින් ලබා දුන්නේ යැයි කියන ඇමරිකානු ඩොලර් 300,000ක මුදල ලබා දීමට රජයට නොහැකි බව ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කර තිබේ.
යුපුන් අබේකෝන් යනු රටට කීර්තියක් අත්කර දුන් දක්ෂ ක්‍රීඩකයෙකු බවත්, ඔලිම්පික් ව්‍යාපෘතිය යටතේ පවතින රාමුව තුළ සිට සහාය දැක්වීමට රජය සූදානම් බවත් ඇමතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත්, පූර්ව ඇමතිවරුන්ගේ වාචික පොරොන්දු ඉටුකිරීමට අමාත්‍යාංශයට නොහැකි බවත්, ඉදිරියට තරග කරනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ක්‍රීඩකයා සතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.














