ඉංග්‍රීසි පාලන සමයේ, එනම් 1877 වසරේ මහනුවර නගරයේ ආරම්භ කරන ලද මෙරට පැරණිතම ක්‍රීඩා සමාජය වන ‘කැන්ඩි ක්ලබ්’ (Kandy Club) ක්‍රීඩා සමාජයට වසර 150ක් පිරීම නිමිත්තෙන් විශේෂ සංවත්සර උත්සවයක් එළැඹෙන 26 වන දින දහවල් සංවිධානය කර ඇතැයි එහි වත්මන් සභාපති පාලිත පෙතියාගොඩ මහතා පවසයි.
මෙරට විසූ ආණ්ඩුකාරවරුන්, ඉංග්‍රීසි හමුදා ප්‍රධානීන් සහ ‘ජේන් ඕස්ටන්’ වැනි ප්‍රසිද්ධ ලේඛකයන්ගේ සමකාලීනයෙකු මෙන්ම මෙරට සේවය කළ ඉංග්‍රීසි ජාතික ලේඛක වෛද්‍ය ලෙනාර්ඩ් වුල්ෆ් මහතා ඇතුළු මහනුවර ප්‍රභූන් රැසක් අතීතයේ මෙහි සාමාජිකත්වය දැරූහ. සිය අතීත ප්‍රෞඪත්වය සමරමින් ඡායාරූප ප්‍රදර්ශණයක්, සංස්කෘතික සංදර්ශණයක් සහ මෙම සැමරුම වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් එළිදැක්වීමද මෙම සංවත්සර වැඩසටහනට ඇතුළත් කර තිබේ.














