කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව යටතේ ඇති පර්යේෂණ ආයතන 27ක පර්යේෂකයන්, විද්‍යාඥයන් සහ නවෝත්පාදන වෘත්තිකයන් 150කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මහනුවරදී දෙදින ධාරිතා වර්ධන වැඩමුළුවක් සාර්ථකව පවත්වා තිබේ.
ජාතික නවෝත්පාදන ඒජන්සියේ (NIA) “Research into Rupees” (පර්යේෂණවලින් රුපියල් වෙත) වැඩසටහන යටතේ සංවිධානය කරන ලද මෙම වැඩමුළුව, තාක්ෂණ හුවමාරුව, බුද්ධිමය දේපළ කළමනාකරණය සහ පර්යේෂණ වාණිජකරණය කෙරෙහි අවධානය යොමු කර ඇත. පර්යේෂණ ප්‍රතිඵල වෙළඳපොළට ගැළපෙන නිෂ්පාදන සහ සේවාවන් බවට පත්කිරීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික මෙවලම් මෙහිදී හඳුන්වා දී ඇති අතර, කෘෂිකාර්මික නිෂ්පාදනයන් ඉහළ නංවමින් ජාතික ආර්ථිකයට දායක වීමේ අරමුණින් නව ආයතනික සම්බන්ධතා ඒකකයක් (IBL) සහ බුද්ධිමය දේපළ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමටද කටයුතු කර තිබේ.














