නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පුබුදුමුණු විදුර ලක්ෂාන් ද සොයිසා විජේසිංහ නොහොත් “රත්ගම විදුර” නැමැති අපරාධකරුට අයත් බව කියන රුපියල් කෝටි 15කට අධික වටිනාකමකින් යුත් දේපොළ තහනම් කර තිබේ.
අදාළ දේපොළ මේ වන විට සැකකරුගේ මවගේ නමින් මිලදීගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. ඒ අතර රත්ගම, දෙවෙනිගොඩ ප්‍රදේශයේ පර්චස් 13.72ක භූමියක ඉදි කර ඇති රුපියල් ලක්ෂ 600ක් පමණ වටිනා තෙමහල් ගොඩනැගිල්ලක් ද වන බව වාර්තා වේ.














