අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා අවශ්‍ය තරම් ප්‍රතිපාදන වෙන් කර තිබියදීත්, අදාළ ව්‍යාපෘති මන්දගාමීව ක්‍රියාත්මක වීම අනුමත කළ නොහැකි බවත්, එම වෙන් කළ මුදල් මෙම වසර තුළම වැය කරමින් ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට තදින්ම උපදෙස් ලබා දී තිබේ.
පරිසර අමාත්‍යාංශයේ 2026 අයවැය ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ අලි වැට සීමාවන් තීරණය කළ යුත්තේ වනජීවී කලාප ලකුණු කිරීමට නොව, ජන ජීවිතය ආරක්ෂා කිරීමට බවයි. මීට අමතරව, උතුරු සහ නැඟෙනහිර වෙරළ තීරයේ සිදුවන අනවසර ඉදිකිරීම් වැළැක්වීමට මෙහෙයුම් කමිටුවක් පත් කරන ලෙසත්, ඔලුවිල් වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා විශේෂඥ කමිටු වාර්තාවක් කඩිනමින් කැඳවන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
















