ඉන්දු-පැසිෆික් කලාපයේ අස්ථාවරත්වය මඟහරවා ගැනීමට සහ ආරක්ෂක කටයුතු ඉහළ නැංවීම සඳහා කලාපීය රටවල් රැසක් සමඟ සන්ධානගත වීමට ඉන්දියාව පියවර ගෙන ඇති බව ‘සවුත් චයිනා මෝනිං පෝස්ට්’ පුවත් සේවය වාර්තා කරයි.
ඉරාන අර්බුදය හමුවේ ඇමෙරිකානු ආරක්ෂක සහතිකය පිළිබඳ අවිනිශ්චිතතාවක් ගොඩනැගීමත් සමඟ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල නිරත වූ දින 6ක නිල සංචාරයේදී නාවික ආරක්ෂණ හා වෙළෙඳ ගිවිසුම් රැසකට අත්සන් තබා ඇත. නිල හමුදා සන්ධානයකට නොබැඳෙමින් උපායමාර්ගික සහයෝගිතා ජාලයක් ගොඩනැගීම ඉන්දියාවේ ප්‍රධාන අරමුණ වී ඇති අතර, ජපාන අගමැතිනියගේ ඉන්දීය සංචාරය ද මීට පෙර ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්විය.
















