පළාත් සභා විසුරුවා හැර ඒවායේ කටයුතු අත්හිටුවා තිබියදීත්, සභාපතිවරුන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 332කට (කෝටි 33කට) අධික මහජන මුදලක් වැය කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා අනාවරණය කර තිබේ.
මෙම සිදුවීමට අදාළව, පළාත් සභාවක නිල කාලය අවසන් වී සභා ක්‍රියාත්මක නොවූවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පවතින නීතිමය රාමුවේ ප්‍රතිපාදන අනුව සභාපති ධුරය සහ ඒ සඳහා වන නීතිමය හිමිකම් අඛණ්ඩව පැවතීම නිසා මෙම වියදම් දැරීමට සිදුව ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කර ඇත. ඒ අනුව, අදාළ කාලසීමාව තුළ සභාපතිවරුන්ට සහ ඔවුන්ගේ පරිපාලන කාර්ය මණ්ඩලවලට හිමි විය යුතු පහසුකම් සඳහා රුපියල් මිලියන 332.9ක මුදලක් වැය වී තිබේ.
පළාත් සභා මැතිවරණය කල්යාම නිසා අක්‍රියව පවතින ආයතන සඳහා මෙලෙස විශාල මහජන මුදලක් වැය වීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් සහ විවේචන මතුව තිබේ.














