නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මාළු මිල ගණන්වල සැලකිය යුතු උච්චාවචනයක් දක්නට ලැබෙන බව මහ බැංකුවේ දෛනික මිල වාර්තාව පෙන්වා දෙයි. ඇතැම් මාළු වර්ගවල මිල ඉහළ ගොස් ඇති අතර, තවත් වර්ග කිහිපයක මිල පහළ බැස ඇත.
පරව් මාළු කිලෝවක සිල්ලර මිල රුපියල් 1,800 සිට රුපියල් 2,160ක් දක්වා රුපියල් 360කින් ඉහළ ගොස් තිබේ.
තලපත් කිලෝවක මිල ද රුපියල් 3,280 සිට රුපියල් 3,380ක් දක්වා රුපියල් 100කින් ඉහළ ගොස් ඇත.
පාරිභෝගිකයන්ට යම් සහනයක් වෙමින් සාලයා සහ ලින්නා යන මාළු වර්ගවල මිල පහළ ගොස් ඇති අතර, රුපියල් 860කට අලෙවි වූ සාලයා කිලෝවක මිල රුපියල් 720 දක්වාත්, රුපියල් 960ක් වූ ලින්නා කිලෝවක මිල රුපියල් 840 දක්වාත් අඩු වී තිබේ.














