ඓතිහාසික සෝමාවති රාජමහා විහාරයේ ඇසළ මස අසිරියෙන් පැවැත්වෙන “ශ්‍රී දකුණු දළදා පෙරහැර මංගල්‍යය – 2026” එළැඹෙන ජූලි 29 වැනි බදාදා (ඇසළ පසළොස්වක පොහෝ දින) රාත්‍රි 7.00 සිට ඓතිහාසික සෝමාවති පුදබිමේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.සෝමාවති රාජමහා විහාරය, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ලංකාපුර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය සහ ලංකාපුර ප්‍රාදේශීය සභාව එක්ව මෙම උතුම් පෙරහැර මංගල්‍යය ඉතා අභිමානවත් අයුරින් සංවිධානය කර ඇත.එදින රාත්‍රි 7.00 සිට සෝමාවති පූජනීය භූමිය වටා අති උත්කර්ෂවත් අයුරින් වීථී සංචාරය කිරීමට නියමිත මෙම පෙරහැර මංගල්‍යය නැරඹීම සඳහා දිවයිනේ නනාවිධ ප්‍රදේශවලින් පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය සමස්ත සැදැහැවත් ජනතාවට ගෞරවයෙන් ආරාධනා කර සිටියි.














