රුහුණු කතරගම දේවාලයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට සහ දේවාලයේ දෛනික කටයුතු සඳහා අවශ්‍ය පානීය ජලය බාධාවකින් තොරව සම්පාදනය කරගැනීමේ අරමුණින් නාරාහේන්පිට ඉන්ධනහලේ හිමිකරු සම්පත් කොතලාවල මහතා විසින් නව ජල බවුසරයක් පරිත්‍යාග කර ඇති බව වාර්තා වේ.
මෙම ජල බවුසරය සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම, රියැදුරු සහ සහායක යන මහත්වරුන් දෙදෙනාට අවශ්‍ය වැටුප් ලබාදීම මෙන්ම බවුසරයේ අලුත්වැඩියා කටයුතු ඇතුළු සමස්ත නඩුත්තු වියහියදම් සියල්ලද සම්පත් කොතලාවල මහතා විසින්ම දැරීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.දේවාලයට පැමිණෙන බැතිමතුන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට අමතරව, උණුසුම් කාලගුණ තත්ත්වයන් යටතේ මාර්ගවල දූවිලි පාලනය කිරීමට සහ පරිසරය සිසිල්ව තබා ගැනීමට ජලය යෙදීම සඳහාද මෙම බවුසරය යොදා ගැනීමට නියමිතය.














