• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දඹදිව යන්න ඉන්නවා නම් මේක දැනගන්න…

ලාංකික වන්දනාකරුවන්ට ෆී වීසා!

27 July 2026
in දේශීය, පුවත්
දඹදිව යන්න ඉන්නවා නම් මේක දැනගන්න…
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය වීසා කඩිනමින් සහ පහසුවෙන් නිකුත් කිරීම සඳහා පවතින ප්‍රතිපත්තිය අනුව කටයුතු කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවට සංචාරය කිරීම සඳහා විද්‍යුත් වීසා පහසුකම ද ලබාගත හැකි බවයි.කෙසේ වෙතත්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා වීසා අයදුම් කිරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් අන්තර්ජාලය ඔස්සේ අයදුම් කර, කොළඹ, මහනුවර, යාපනය, හම්බන්තොට සහ මඩකළපුව යන නගරවල පිහිටි ඉන්දීය කොන්සියුලර් අයදුම් මධ්‍යස්ථාන වෙත අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව දැනුම් දී තිබේ. බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු වන්දනා ගමන් සඳහා ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා කඩිනමින් පහසුකම් සලසා නිකුත් කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන අවස්ථාවලදී, වන්දනාකරුවන් 10 දෙනෙකු හෝ ඊට වැඩි කණ්ඩායම් සඳහා නොමිලේ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කර ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. වීසා සේවා සපයන ආයතනය වෙනස් කිරීම හේතුවෙන් කෙටි කාලයක් සඳහා එම ක්‍රමවේදය අත්හිටුවා තිබූ අතර, නව සේවා සපයන්නා 2026 ජූලි 7 වනදා සිට කටයුතු ආරම්භ කිරීමත් සමඟ නොමිලේ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යළි හඳුන්වා දී තිබේ.
වන්දනාකරුවන් 10 දෙනෙකු හෝ ඊට වැඩි කණ්ඩායම් වශයෙන් අයදුම් කළ හැකි අතර, ජෛවමිතික දත්ත ලබාගැනීම සඳහා පහසු පරිදි කණ්ඩායමක් ලෙස හෝ තනි තනිව ICAC වෙත පැමිණිය හැකි බව දැනුම් දී ඇත. කෙසේ වෙතත්, ඉන්දියානු රජයේ නව රෙගුලාසි අනුව වයස අවුරුදු 12ත් 70ත් අතර පුද්ගලයන් සඳහා ජෛවමිතික දත්ත ලබාදීම අනිවාර්ය වේ. ජෛවමිතික දත්ත ලබාගැනීම හේතුවෙන් ඉන්දියාවට පැමිණීමෙන් පසු ආගමන විගමන කටයුතු වඩාත් පහසුවෙන් සිදුකර ගැනීමට හැකි වන බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.ඒ අනුව, ඉහත ක්‍රමවේදය යටතේ අයදුම් කරන ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගෙන් වීසා ගාස්තුවක් අය නොකරන බවත්, එබැවින් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සඳහා වීසා ගාස්තු වෙනස් කිරීමක් පිළිබඳ ප්‍රශ්නයක් මතු නොවන බවත් එම කාර්යාලය අවධාරණය කර තිබේ. කෙසේ වෙතත්, වීසා සේවා සැපයීම වෙනුවෙන් ICAC වෙත රුපියල් 1,855ක සේවා ගාස්තුවක් ගෙවිය යුතු බව ද සඳහන් කර ඇත.
Post Views: 12
Previous Post

විභාග අක්‍රමිකතාවලට තිත තියන්න…

Next Post

අද හදිසි බස් වර්ජනයක්!

Editor TTV News

Editor TTV News

Next Post
අද හදිසි  බස් වර්ජනයක්!

අද හදිසි බස් වර්ජනයක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved