තලවකැලේ – නුවරඑළිය මාර්ගයේ අද (27) අළුයම සිට පැවති වර්ෂාව සහ ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.
මෙම ඝන මීදුම හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මෙන්ම අතුරු මාර්ග රැසකද ව්‍යාප්ත වී ඇති අතර, මේ හේතුවෙන් මාර්ගයේ ඉදිරිය පෙනෙන ප්‍රමාණය දැඩි ලෙස අඩුවී ඇත.අනතුරු වළක්වා ගැනීම සඳහා සියලුම රියැදුරන් වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන, සෙමින් සහ දැඩි සැලකිල්ලෙන් යුතුව රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශය ඉල්ලා සිටී.














