“සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කළ ජාතික සුපිළිපන් සතිය වෙනුවෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විශේෂ ප්‍රතිඥාවක් නිකුත් කර තිබේ.
රාජ්‍ය සේවය වඩාත් ගුණාත්මක, කාර්යක්ෂම සහ දූෂණයෙන් තොර පරිපාලන ව්‍යුහයක් බවට පත්කිරීම මෙහි අරමුණයි. ළමා අපචාර, ගෘහස්ථ හිංසන හා කාන්තාවන්ට සිදුවන පීඩාවන් හමුවේ රාජ්‍ය සේවකයන් කිසිදු ප්‍රමාදයකින් තොරව, අපක්ෂපාතීව සහ උපරිම ස්වයං විනයකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම අමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය. එමෙන්ම ළමා හා කාන්තා සුබසාධන කටයුතුවලදී මූල්‍යමය සහ පරිපාලනමය විනිවිදභාවය තහවුරු කිරීමට අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වය ලබාදෙන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.














