ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාවේ කෙටුම්පත ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාරදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව පවසයි.
මෙම නව ව්‍යවස්ථාව යටතේ ඡන්ද සංඛ්‍යාව 39ක් දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති අතර, ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන ක්‍රීඩා සංගම් සඳහා ඡන්ද හිමිකම් ලබාදීමේ පැරණි ක්‍රමවේදය වෙනස් කරමින් Tier 01 තරගාවලි සඳහා ක්‍රීඩා කරන සංගම්වලට පමණක් ක්‍රීඩා කරන ආකාරය අනුව ඡන්ද හිමිකම් ලබාදීමට නියමිතය. එසේම, වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලය නියෝජනය කරන සාමාජිකයින් 20 දෙනෙකු වන සංඛ්‍යාව 14 දක්වා අඩු කිරීමටත්, දෛනික පරිපාලන කටයුතු ප්‍රධාන විධායක නිලධාරීවරයාට පවරා අධ්යක්ෂ මණ්ඩලයේ කාර්යභාරය ප්‍රතිපත්තිමය තීරණ ගැනීම දක්වා සීමා කිරීමටත් යෝජනා කර ඇත. දේශපාලන බලපෑම්වලින් තොරව විනිවිදභාවයෙන් යුතුව ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම මෙහි මූලික අරමුණ වී තිබේ.














