ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ධාවනය වූ දුම්රියක් තුළදී නන්නාඳුනන පුද්ගලයෙකුගේ හිසට වීදුරු බෝතලයකින් පහර දුන් 22 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුට ඔස්ට්‍රේලියානු අධිකරණය විසින් දින 89 ක හෙවත් මාස තුනකට අඩු සිරදඬුවමක් නියම කර තිබේ.පසුගිය අප්‍රේල් 25 වැනිදා මෙම සැකකරු සහ ඔහුගේ මිතුරෙකු විසින් දුම්රියේ තනිවම ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වටකර පහර දී ඇති අතර, වින්දිතයා දුම්රියෙන් බැසයාමට උත්සාහ කළ අවස්ථාවේදීද ඔහුව ඇදගෙන විත් මුහුණට සහ හිසට පහර දී වීදුරු බෝතලයකින් හිසට පහර දී තුවාල සිදු කර ඇත. සැකකරු තමා ස්වයං ආරක්‍ෂාව සඳහා එලෙස කළ බව අධිකරණයේදී ප්‍රකාශ කළද, එය ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය මෙය අහිංසක මිනිසෙකුට එල්ල කළ ඉතා දරුණු ප්‍රහාරයක් බව ප්‍රකාශ කර තිබේ.














