දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමිත්තෙන් අද (28) සහ හෙට (29) යන දිනවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය නිවේදනය කරයි. පෙරහර කාල සීමාව තුළ ප්‍රදේශයේ ඇතිවිය හැකි අධික රථවාහන තදබදය අවම කර ගැනීම සහ මගී ජනතාවගේ ගමනාගමන පහසුව තහවුරු කිරීමේ අරමුණින් මෙම විකල්ප මාර්ග පද්ධතිය හඳුන්වා දී තිබෙන අතර, එය අද රාත්‍රී 9.00 දක්වා ක්‍රියාත්මක වේ.ඒ අනුව, රථවාහන ගමනාගමනය පහසු කිරීම සඳහා පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී:
මාතර සිට තංගල්ල දෙසට: මාතර දෙස සිට තංගල්ල දෙසට ගමන් ගන්නා වාහන මැද්දවත්ත කාර්මික විද්‍යාලය අසලින් හැරී මාතර – යටියන මාර්ගයට පැමිණ, කැකනදුර හන්දියෙන් වේහැල්ල මාර්ගය ඔස්සේ දික්වැල්ල දක්වා ගමන් කළ හැකිය.තංගල්ල සිට මාතර දෙසට: තංගල්ල දෙස සිට මාතර දෙසට පැමිණෙන වාහන තලල්ල කාර්මික විද්‍යාලය අසලින් හැරී නාඔටුන්න මාර්ගය ඔස්සේ වියන්නරුව හන්දියට පැමිණ, එතැන් සිට දික්වැල්ල – වේහැල්ල මාර්ගය ඔස්සේ කැකනදුර හන්දියට පැමිණ මාතර දෙසට ගමන් කළ හැකිය.පෙරහර නැරඹීමට පැමිණෙන සහ එම මාර්ගවල ගමන් ගන්නා සියලුම රියදුරන් සහ මගීන් මෙම විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත කටයුතු කරමින් සහයෝගය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටී.














