ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහිත විදේශීය විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ලබාදෙන රජයේ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ සිසුන් සඳහා සිදුකරන ගෙවීම් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.2025 අයවැය යෝජනාවක් අනුව හඳුන්වා දුන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ උසස් පෙළ විභාගයෙන් ඉහළම දක්ෂතා දැක්වූ සිසුන්ට එක් අයෙකුට වසරකට උපරිම රුපියල් මිලියන 20 බැගින් සිව් වසරක උපාධි වැඩසටහනක් සඳහා උපරිම රුපියල් මිලියන 80 ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිතය. 2024 උසස් පෙළ ප්‍රතිඵල මත සිසුන් 32 දෙනෙකු තෝරාගෙන ඇති අතර, ඉන් සිසුන් 9 දෙනෙකු මේ වන විට විදේශගතව ඇත. රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශීය මුදලින් සිදුකළ යුතු ගෙවීම් සඳහා ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම නිසා, විනිමය අනුපාතිකය ස්ථාවර වන තෙක් එක් ශිෂ්‍යයෙකුට වසරකට රුපියල් මිලියන 2.5 ක් දක්වා වූ විනිමය අනුපාතික ගැලපුම් දීමනාවක් ලබාදීමට අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට 2026 ජූලි 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී තිබේ.














