වවුනියාව, කුලවිසුඩ්ඩාන් ප්‍රදේශයේදී සාරියක් යොදාගෙන ගසක අත්තක සහ කණුවක බඳින ලද ඔංචිල්ලාවක මව සමඟ හිඳගෙන සිටියදී, එය බැඳ තිබූ කණුව ගැලවී දැරියගේ හිස මතට කඩා වැටීමෙන් මාස පහක දැරිවියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව කනගරායන්කුලම පොලීසිය පවසයි.අනතුරින් බරපතල තුවාල ලැබූ දැරිය වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් ඇය මියගොස් තිබූ අතර, කණුව වැටීම වැළැක්වීමට මව විසින් කකුලෙන් උත්සාහ කිරීමේදී මවගේ පාදයකටද හානි සිදුව ඇත. මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිත අතර, කනගරායන්කුලම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.














