හෙට (29) දිනයේදී නැගෙනහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක 5ක උණුසුම් දර්ශකය ‘අවධානය යොමු කළ යුතු’ (Caution level) මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නැගෙනහිර පළාතට අමතරව කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, පොළොන්නරුව සහ මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ. දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩිවිය හැකි බැවින් අධික උණුසුමෙන් සිදුවන බලපෑම් අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














