ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මඟින් තවත් අලුත් බදු වර්ග දෙකක් හඳුන්වා දීමට යෝජනා කර තිබුණද, රජයේ ආදායම් ඉලක්ක සපිරීම නිසා එම බදු දැනට පැනවීමට අවශ්‍යතාවයක් නැතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මීට පෙර බදු නොගෙවූ පිරිස් වෙතින්ද බදු අය කරගනිමින් රජයේ ආදායම සාර්ථකව ඉහළ නංවාගෙන ඇති බැවින්, මෙම අමතර බදු අවශ්‍ය නොවන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. එමෙන්ම ඉදිරි වසරේදී වක්‍ර බදු ප්‍රමාණය අඩු කිරීමට බලාපොරොත්තු වන අතර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ විදුලිබල මණ්ඩලයේ ණය ගෙවා නිම වූ පසු ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කිරීමටත්, එළඹෙන අයවැය මඟින් සෞඛ්‍ය, අධ්‍යාපන හා පොදු ප්‍රවාහනය වෙනුවෙන් වැඩි ආයෝජනයක් සිදුකරමින් ජනතාවගේ ජීවන බර අඩු කිරීමටත් රජය සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.














