ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව ආපසු යුක්‍රේනය බලා යමින් සිටි යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි, පෝලන්තයේ ලුබ්ලින් (Lublin) නගරයේදී පෝලන්ත අගමැති ඩොනල්ඩ් ටස්ක් (Donald Tusk) හමුවී තිබේ.
මෙහිදී රුසියානු මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය ප්‍රති-බැලැස්ටික් ආයුධ ඇතුළු ආරක්ෂක සහයෝගීතාවය ගැන මෙන්ම යුරෝපයේ ආරක්ෂාව පිළිබඳව ද දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.
මීට අමතරව, දෙවන ලෝක යුද සමයේ සිදු වූ ඓතිහාසික සිදුවීම් අර්ථකථනය කිරීම සම්බන්ධයෙන් දෙරට අතර මෑතකදී ඇති වූ මතභේදාත්මක තත්ත්වය සහ පෝලන්තයේ වෙසෙන යුක්‍රේන අභ්‍යන්තර අවතැන්වූවන්ගේ (රැකවරණ පතන්නන්ගේ) ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව ද නායකයන් දෙපළගේ අවධානය යොමු විය. පෝලන්තය තුළ යුක්‍රේන වැසියන්ට එරෙහිව සිදුවන විරෝධතා සහ ප්‍රහාර වහාම නතර කරන ලෙස පෝලන්ත අගමැතිවරයා මෙහිදී ඉල්ලීමක් ද කළේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














