එකම දිසාවට ධාවනය වූ ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටී අද (30) පස්වරු 2:00ට පමණ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සෙන් ක්ලෙයාර් දිය ඇල්ල ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබේ.
හැටන් සිට තලවකැලේ ඇල්ජින් දක්වා ධාවනය වූ හැටන් ඩිපෝවට අයත් බස් රථයක් සෙන් ක්ලෙයාර් ප්‍රදේශයේදී හදිසියේ නතර කිරීමත් සමඟ, එම දිසාවටම නාවලපිටියේ සිට නුවරඑළිය දක්වා ධාවනය වූ නාවලපිටිය ඩිපෝවට අයත් අනෙක් බස් රථය ලිස්සා ගොස් ඉදිරියෙන් නැවැත්වූ බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථ දෙකේම මගීන් විශාල පිරිසක් සිටියද, කිසිවෙකුටත් තුවාල සිදුවී නැත. බස් රථ දෙකේම රියදුරන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බව පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය පවසයි.














