ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කරමින්, කොළඹ EV මෝටර් ප්‍රදර්ශනයේදී Evolution Auto හි Mahindra කුටිය හරහා නවතම විද්‍යුත් වාහන (EV) පෙළක් සාර්ථකව එළිදක්වන ලදී. පාරිභෝගිකයින්, ව්‍යාපාරිකයින් සහ ප්‍රවාහන මෙහෙයුම් සමාගම් ඉලක්ක කරමින් පැවති මෙම ප්‍රදර්ශනයේදී, නාගරික මගී ප්‍රවාහනය සඳහා Mahindra Treo Plus ත්‍රිරෝද රථය, භාණ්ඩ ප්‍රවාහනය සඳහා Mahindra Zor ත්‍රිරෝද රථය සහ නවීන වෙළෙඳ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලන Mahindra ZEO cargo රථය ජනතාවට හඳුන්වා දෙන ලදී.
ප්‍රදර්ශන භූමියට පැමිණි පාරිභෝගිකයින් සාම්ප්‍රදායික ඉන්ධන වාහනවලින් විද්‍යුත් වාහන වෙත යොමුවීමෙන් ධාවන පිරිවැය අවම කරගැනීමේ ක්‍රමවේද සහ බැටරි ආරෝපණය කිරීමේ පහසුව පිළිබඳව ඉහළ උනන්දුවක් දැක්වූහ. විශේෂයෙන්ම නාගරික තදබදයට ගැළපෙන Treo Plus ත්‍රිරෝද රථය, සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ගේ අවධානය දිනාගත් Zor ත්‍රිරෝද රථය මෙන්ම වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැකි ZEO cargo රථය වෙත ජනතාවගෙන් නොමඳ ප්‍රතිචාර ලැබිණි.
ශ්‍රී ලංකාව තිරසාර ප්‍රවාහන විසඳුම් කරා අඛණ්ඩව පියවර නගන වකවානුවක, පිරිවැය අවම කරගනිමින් පිරිසිදු අනාගතයක් කරා ගමන් කිරීම සඳහා ජනතාවට පුළුල් දැනුවත්භාවයක් ලබා දීමට මෙම ප්‍රදර්ශනය සමත් විය. පුද්ගලයින් සහ ව්‍යාපාර සවිබල ගැන්විය හැකි විශ්වාසදායක සහ අනාගතයට ගැළපෙන විද්‍යුත් වාහන පිරිනැමීමට Mahindra සමාගම නිරන්තරයෙන් කැපවී සිටියි.














