ක්‍රිවි රිහ් (Kryvyi Rih) නගරය ආසන්නයේ පවුලක් ජීවිතක්ෂයට පත්වීමට හේතු වූ රුසියානු රාත්‍රී ප්‍රහාරය සඳහා උතුරු කොරියානු මිසයිලයක් භාවිත කර ඇති බව ආරංචි මාර්ග දෙකක් තහවුරු කරයි. මීට වසරකට ආසන්න කාලයකට පසු මෙම යුද්ධයේදී එවැනි ආයුධයක් භාවිත කළ පළමු අවස්ථාව මෙය වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
රුසියාව මීට පෙරද යූක්‍රේන ඉලක්ක වෙත උතුරු කොරියානු මිසයිල එල්ල කර ඇති අතර, මෙලෙස දිගු කාලයකට පසු ඒවා යළි භාවිත කිරීමෙන් පෙනී යන්නේ තම අසල්වැසියාට එරෙහි ප්‍රහාර තීව්‍ර කිරීම සඳහා මොස්කව් සතුව නව ආයුධ තොග පවතින බවයි. යුද්ධය ආරම්භයේ සිටම උතුරු කොරියාව රුසියාවේ සමීප මිත්‍රයෙකු ලෙස කටයුතු කරමින් ආයුධ මෙන්ම කාලතුවක්කු උණ්ඩද සපයා දී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














