ශ්‍ර්‌රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ආපනශාලා ක්ෂේත්‍රයේ සන්නාම ව්‍යාප්තිය තව දුරටත් ශක්තිමත් කරමින්, “Vito Wood Fired Pizza” ආපනශාලාවේ 6 වැනි ශාඛාව කොළඹ “City of Dreams” හි “The Shoppes” පරිශ්‍රයේදී නිල වශයෙන් විවෘත කර තිබේ. මෙම නව ශාඛාව විවෘත කිරීමත් සමඟ ලොව පිළිගත් ඉතාලි දැව උඳුනේ පිසූ පීසා රසය ශ්‍ර්‌රී ලංකාවේ ප්‍රමුඛ සුඛෝපභෝගී සාප්පු සවාරි, විනෝදාස්වාද හා ආහාර පාන ගමනාන්තයක් වෙත රැගෙන ඒමට එම ආපනශාලා කළමනාකාරිත්වය සමත්ව ඇත.
මෙම නව අවන්හල තුළ අතින් සකස් කළ පීසා පිටි, උසස් තත්ත්වයේ චීස්, දේශීයව සපයා ගන්නා නැවුම් අමුද්‍රව්‍ය සහ සාම්ප්‍රදායික ඉතාලි ආහාර පිසීමේ ක්‍රමවේද යොදා ගනිමින් සකස් කළ ආහාර පාරිභෝගිකයන්ට පිරිනැමේ. පීසා වර්ග රැසකට අමතරව ලසඤ්ඤා, කැල්සෝන්, පැස්ටා, නැවුම් සලාද, අතුරුපස, මිල්ක්ෂේක්, මොක්ටේල් සහ විවිධ පාන වර්ග මෙම මෙනුවට ඇතුළත් වන අතර, නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාව සඳහා පාරිභෝගිකයෝ, ව්‍යාපාර හවුල්කරුවෝ සහ ආරාධිත අමුත්තෝ රැසක් එක්ව සිටියහ.
මහනුවර නගරයේ සේවකයන් දෙදෙනෙකුගෙන් යුතුව 2017 වර්ෂයේදී ආරම්භ වූ මෙම ව්‍යාපාරය, වර්තමානය වන විට මෙරට ප්‍රමුඛ දර පෝරණු පීසා අවන්හල් සන්නාමයක් බවට පත්ව තිබේ. මහනුවර, කොළඹ, පේරාදෙණිය, මීගමුව, ගාල්ල සහ නවතම ‘City of Dreams’ ශාඛාව ඇතුළුව ශාඛා හයකින් සමන්විත “Vito Wood Fired Pizza”, ඉදිරියේදීත් ශ්‍ර්‌රී ලංකාව පුරා සිය ව්‍යාප්තිය පුළුල් කරමින් උසස් තත්ත්වයේ ආහාර සහ විශිෂ්ට සේවාවක් පිරිනැමීමට අපේක්ෂා කරයි.














