ගල්කිස්ස, පන්සල පාර ප්‍රදේශයේ නිවසක පදිංචි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දී ගිනිඅවිය වෙඩික්කරුට ලබාදුන් කාන්තාවක් බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් 21 වැනිදා රාත්‍රී 10.30ට පමණ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු උඩුමහලේ රූපවාහිනී නරඹමින් සිටි නිවැසියාට ‘උඹ චමින්ද නේද’ යැයි විමසා වෙඩිතැබීමට උත්සාහ කර ඇති නමුත්, එම අවස්ථාවේ ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඝාතන තැත ව්‍යර්ථ වී තිබුණි. සැකකාර කාන්තාව විසින් ගිනිඅවිය වෙඩික්කරු වෙත ලබාදෙනු ලැබූ අයුරු සහ ඊට යතුරුපැදියකින් සහාය වූ අයුරු සීසීටීවී (CCTV) කැමරාවකද සටහන්ව තිබිණි.













