පර්සියානු බොක්ක, රතු මුහුද සහ ඒඩන් බොක්ක යන මුහුදු මාර්ග ආරක්ෂා කිරීමේ අරමුණින් නව බහුජාතික සමුද්‍රීය ආරක්ෂක සන්ධානයක් (Multinational Maritime Defense Coalition) පිහිටුවීම සඳහා සෞදි අරාබි ආරක්ෂක අංශය මූලික වී සාකච්ඡා පවත්වා තිබේ.
සෞදි අරාබිය ඇතුළු රටවල් 14ක් මෙම නව ආරම්භය සඳහා එකඟ වී ඇති අතර, ඒ සඳහා මුලපිරීම් මේ වන විට ආරම්භ කර ඇත. බහරේනය, ඊජිප්තුව, ජෝර්දානය, කුවේටය, පාකිස්තානය, කටාර්, තුර්කිය, ඩිජිබති, කෙන්යාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයේ ජනාධිපති නායකත්ව කවුන්සිලය (ජාත්‍යන්තරව පිළිගත් රජය) මෙම සන්ධානයට සහය දක්වන සෙසු රටවල් වේ.
කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සහ තීරණාත්මක ජාත්‍යන්තර නැව් මාර්ග ආරක්ෂා කර ගැනීම මෙම සන්ධානයේ මූලික අරමුණ වී ඇති බව බලධාරීහු පවසති. කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් තවත් මෙවැනි ආරක්ෂක සන්ධාන රැසක් මීට පෙරද බිහි වී තිබුණි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














