ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර ආරක්ෂක සහ සාගරික ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් පුළුල් කරමින්, ඉන්දියාවේ නිෂ්පාදිත ‘බ්‍රහ්මෝස්’ (BrahMos) සුපර්සොනික් කෲස් මිසයිල පද්ධතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 630ක වටිනාකමකින් යුතුව ඉන්දුනීසියාව වෙත ලබාදීමට තීරණය කර තිබේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ අතර ජකර්තා නුවරදී පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම ඓතිහාසික තීරණය ප්‍රකාශයට පත් කෙරිණි. ගුවනින්, ගොඩබිමින් සහ මුහුදෙන් ඕනෑම තැනක සිට දියත් කළ හැකි මෙම මිසයිල පද්ධතිය මගින් කලාපීය ආරක්ෂාව තවදුරටත් තහවුරු වන බව ජනාධිපති ප්‍රබෝවෝ අවධාරණය කළේය. මීට අමතරව, ඉන්දුනීසියානු ‘Republikorp’ සමාගම සහ ඉන්දියාවේ ‘Bharat Dynamics’ සමාගම අතර ‘අස්ත්‍රා’ (Astra) ගුවනින්-ගුවනට විදින මිසයිල මිලදී ගැනීම සඳහා ද නව ගිවිසුමකට එළඹ ඇති අතර, ඒ හරහා දෘශ්‍ය සීමාවෙන් ඔබ්බට විදින (Beyond-Visual-Range) එම මිසයිල ලබාගන්නා පළමු විදේශීය පාරිභෝගිකයා බවට ඉන්දුනීසියාව පත්ව ඇත.














