උතුරු, උතුරු මැද, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මෙන්ම මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට බලපාන තද සුළං සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් “ඇම්බර්” නිවේදනයක් නිකුත් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, සඳහන් කළ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර වේගයකින් තද සුළං ඇති විය හැකි බවට අපේක්ෂා කෙරේ.














