ශ්‍රී ලංකා යුද හමුදාවේ නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිර්දේශ හා මඟපෙන්වීම මත මෙම පත්කිරීම සිදු කර ඇති අතර, මීට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ ඔහු, මෙම පත්කිරීමත් සමඟ ලුතිනන් ජෙනරාල් ධුරයට උසස් කර ඇත. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඔහු, මීට පෙර හමුදාවේ විවිධ උසස් තනතුරු හොබවා ඇති අත්දැකීම් බහුල නිලධාරියෙකි.














