2026 වසරේ මේ වන තෙක් ගත වූ මාස කිහිපය තුළ රුපියල් මිලියන 772ක් වටිනා නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
“රටම එකට” ජාතික මෙහෙයුමේ ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මෙම තොරතුරු අනාවරණය කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කරන ලද වැටලීම් සහ නීතිවිරෝධී ලෙස උපයාගත් දේපොළ තහනම් කිරීමේ ක්‍රියාවලිය යටතේ මෙම පියවර ගෙන ඇති අතර, මීට පෙර 2025 වසර තුළද රුපියල් මිලියන 1,549ක වටිනාකමින් යුතු නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමේ නීතිමය කටයුතු ක්‍රියාත්මක කර තිබුණි.














