චමරි අතපත්තුට පසු කාන්තා විස්සයි20 තරගයකදී ශතකයක් රැස්කළ දෙවැනි ශ්‍රී ලාංකික පිතිකාරිනිය බවට පත්වීමට ඉමේෂා දුලානි අද (31) සමත්විය.
පාකිස්තානයට එරෙහිව දඹුල්ලේ පැවැති පළමු විස්සයි20 තරගයේදී ඇය මෙම සුවිශේෂී දක්ෂතාව දැක්වූවාය. පාකිස්තානයෙන් හිමිවූ ලකුණු 177ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම, 19 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය සාර්ථකව පසුකර ගියේය.
මෙම ජයග්‍රහණය වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කළ ඉමේෂා දුලානි, පන්දු 64කට මුහුණදෙමින් නොදැවී ලකුණු 101ක් රැස්කළාය. ඇයගේ ඉනිම හතරේ පහර 17කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් විය.














