ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE ලංකා සමාගම, 2026 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේදී (2026 World Construction Symposium වැඩසටහනට සමගාමීව) ප්‍රධාන සම්මාන රැසක් දිනාගැනීමට සමත්ව තිබේ.
මෙම සම්මාන උළෙලේදී සමාගම ලැබූ ප්‍රධාන ජයග්‍රහණ අතර, අඛණ්ඩව දෙවන වරටත් ‘වසරේ තිරසර සංවිධානය’ (Sustainable Organization of the Year) ලෙස සම්මානයට පාත්‍ර වීම සහ INSEE සංස්ථා සිමෙන්ති සන්නාමය අඛණ්ඩව දෙවන වරටත් ‘වසරේ තිරසර සිමෙන්ති සන්නාමය’ ලෙස පිදුම් ලැබීම විශේෂ වේ. ඊට අමතරව, කාර්යක්ෂමතාව ඉහළ නංවන ‘Mass Pouring Solution’ තාක්ෂණය වෙනුවෙන් ‘තිරසර තාක්ෂණ විසඳුම් සපයන්නා’ සම්මානයද, පරිසර හිතකාමී ඉදිකිරීම් සඳහා හඳුන්වා දුන් ‘INSEE Micro Concrete’ නිෂ්පාදනය වෙනුවෙන් ‘තිරසර හරිත ද්‍රව්‍ය නවෝත්පාදන’ සම්මානයද සමාගම වෙත හිමි විය. නවෝත්පාදනය, පරිසර ආරක්ෂණය සහ පාරිභෝගික වටිනාකම කෙරෙහි තම සමාගම නිරන්තරයෙන්ම කැපවී සිටින බව INSEE ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු තුසිත් ගුණවර්ණසූරිය මහතා මෙහිදී ප්‍රකාශ කළේය.














