විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ‘ශ්‍රී ලංකා දිවියෙකුගේ දිනය 2026′ (Sri Lankan Leopard Day 2026) හෙට (අගෝස්තු 01) පස්වරු 2.00 සිට 5.00 දක්වා කොළඹ 7 විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවට ආවේණික උප විශේෂයක් වන මෙරට දිවියන් (Panthera pardus kotiya) සංරක්ෂණය කිරීමේ ජාතික ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබේ. ඒ සඳහා ප්‍රවීණ විද්‍යාඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සංරක්ෂණවේදීන්, පර්යේෂකයින්, රජයේ ආයතන, සිවිල් සංවිධාන, පෞද්ගලික අංශය සහ තරුණ පිරිස් එක්වීමට නියමිතය.
වාසස්ථාන අහිමි වීම, උගුල්වලට හසුවීම, විෂ ලබා දීම සහ වනජීවී අපරාධ වැනි විවිධ තර්ජනවලට මුහුණ දී සිටින දිවියන් ආරක්ෂා කිරීමේ ජාතික වගකීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙන අතර, තරුණ පරපුර සහ පාසල් සිසුන් ද මෙම අවස්ථාවට සක්‍රීයව දායක වනු ඇත.














