මහාරාෂ්ට්‍ර හි ඨානේ දිස්ත්‍රික්කයේ භිවන්දි ප්‍රදේශයේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක කොටසක් ඊයේ (30) රාත්‍රියේ කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකුගේ මෘත ශරීර සුන්බුන් අතරින් සොයාගෙන තිබේ.
ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ ඊයේ රාත්‍රී 8.00 ත් 9.00 ත් අතර කාලය තුළ ගොඩනැගිල්ලෙන් විශාල පිපිරීම් ශබ්ද ඇසුණු බවයි. ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් හය දෙනෙකු සහ එහි අලුත්වැඩියා කටයුතුවල නිරත වූ සේවකයින් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 11 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බව මූලික තොරතුරු මඟින් අනාවරණය වී තිබුණි.
භිවන්දි ගිනි නිවන හමුදාව ප්‍රකාශ කළේ සිරවී සිටින තවත් පිරිසක් සෙවීමේ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.














