කඩවත ප්‍රදේශයේ වෙල් යායක සරුංගල් යවමින් සිටි 17 හැවිරිදි තරුණයෙකුට යතුරුපැදිවලින් පැමිණි තරුණයින් තිදෙනෙකු විසින් පිහි ඇනුමක් සිදු කර තිබේ.
මෙම ප්‍රහාරයෙන් ගෙල ප්‍රදේශයට තුවාල ලැබූ තරුණයා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව කඩවත පොලිසිය පවසයි. ප්‍රේම සම්බන්ධතාවයක් මත මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ප්‍රධාන සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාර දී ඇති අතර, පලා ගිය සෙසු සැකකරුවන් දෙදෙනාද පසුව පොලිසියට පැමිණ භාර වී තිබේ. සැකකරුවන් තිදෙනා අද (31) මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














