දකුණු පාකිස්තානයේ පිහිටි ගල් අඟුරු පතලක හටගත් හදිසි පිපිරීමක් හේතුවෙන් කම්කරුවන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, අතුරුදන්ව සිටින පිරිස මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. පිපිරීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.














