ලංකාවේ බැඩ්මින්ටන් ක්ෂේත්රය මුළුමනින්ම ගිනි තබමින් අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත තරගාවලියේ ත්‍යාග මුදල් බෙදී යන ආකාරය පිළිබඳව තවත් රහසක් ttv වෙත අනාවරණය වී තිබෙනවා. තරග සංවිධායකයින් විසින් පාරම්බෑ ත්‍යාග මුදල් පිටුපස ඇති සැබෑව සහ ක්‍රීඩකයන් වෙත සිදු කරන කොළේ වසා ගැසීමේ කරුණු මේවන විට අනාවරණය වෙමින් තිබේ.
සංවිධායකයින් විසින් ප්‍රකාශ කරන රු. මිලියනයකසමස්ත ත්‍යාග මුදලෙන්, 40%ක්ම වෙන් කර ඇත්තේ ප්රවීණයන්ගේ අංශය සඳහා බව ඒ අනුව හෙළිවී තිබෙනවා. ඒ අනුව සැබෑ ලෙසම කනිෂ්ඨ සහ විවෘත අංශයන් හි සියලුම තරගකරුවන් අතර බෙදී යනු ඇත්තේ, රු. 600,000ක මුදලක් පමණය.
මෙම අසාධාරණ බෙදාහැරීම හමුවේ ප්‍රධාන තරගාවලියේ ජයග්රාහකයාට හිමිවන්නේ රු 30,000ක සොච්චම් මුදලක් වන අතර, අනුශූරතාව දිනාගන්නා ක්‍රීඩකයාට ලැබෙන්නේ රුපියල් 20,000ක් පමණයි. දින 4ක් හෝ 5ක් පුරා අනුරාධපුරයේ ගත කිරීම සදහා, ගමන් බිමන්, නවාතැන් සහ ආහාර පාන සඳහා අධික මුදලක් වියදම් කරමින් පැමිණෙන ක්‍රීඩකයන්ට මෙම තරගාවලිය අතින් කා හරක් බැලීමේ තත්ත්වයක් උදාකර තිබෙනවා.
පවතින අසාධාරණ යට එරෙහිව වහාම පියවර නොගතහොත්, සියලුම ක්‍රීඩකයන් එකතු වී මෙම අක්රමිකතාවයට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව, ක්‍රීඩක පාර්ශ්වය අවධාරණය කරයි.
ක්‍රීඩකයන්ගේ කැපවීම සහ අතිවිශාල වියදම හමුවේ














